රට පුරා වකුගඩු රෝගීන් අනතුරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
28

රට පුරා වකුගඩු රෝගීන් අනතුරේ

රට පුරා වකුගඩු රෝගීන් අනතුරේ

මහියංගණය මූලික රෝහලේ වකුගඩු රුධිර කාන්දු පෙරණ ඒකකයේ කටයුතු ඊයේ (27දා) දින සිට සම්පූර්ණයෙන්ම නවතා දැමීමට සිදුව ඇතැයි රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

 

 

ඌව පළාතේ වැඩිම වකුගඩු රෝගීන් ප්‍රමාණයක් රුධිර කාන්දු පෙරණය සිදු කර ගනු ලබන්නේ මහියංගණ මූලික රෝහලෙනි.

 

 

වකුගඩු රෝගීන්ගේ රුධිරය පෙරීම සඳහා, රෝගියා හා පෙරුම් යන්ත්‍රය වෙත සම්බන්ධ කර ගන්නා “ඩයලයිසර් කිට්“ නැමැති උපාංගයේ පවතින දැඩි හිඟය හේතුවෙන් එහි කටයුතු මෙලෙස නවතා දැමීමට එහි කාර්යය මණ්ඩලයට සිදුව තිබේ.

 

 

වකුගඩු රෝගීන් බහුලව වාර්තා වන මහවැලි "සී" කලාපයේ වකුගඩු රෝගීන් 200කට ආසන්න පිරිසක් සතිපතා රුධිර කාන්දු පෙරණය සිදු කර ගන්නා අතර මේ වන විට එම රෝගීන් සැමගේම ජිවිත තර්ජනයට ලක්ව ඇත.

 

 

ලංකාවට මෙම උපකරණ සපයන සමාගම් විසින් සැපයුම් අඩාළ කිරීම හේතුවෙන් රෝහල් රැසකම මෙම උපකරණවල දැඩි හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වේ.

 

 

රට පුරා රෝහල්වල දැනට පවතින “ඩයලයිසර් කිට්“ ප්‍රමාණය සතියකට පමණක් සෑහෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

 

 

මෙම ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදීමට වගකිව යුතු සෞඛ්‍ය අංශ කටයුතු නොකළහොත් වකුගඩු රෝගීන් සැමගේ ජීවිත අනතුරුදායක තත්ත්වයට පත්වනු ඇත.

views

220 Views

Comments

arrow-up