අද වර්ජනයෙන් දෛනික ප්‍රවාහනයට බාධාවක් නැත
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
15

අද වර්ජනයෙන් දෛනික ප්‍රවාහනයට බාධාවක් නැත

අද වර්ජනයෙන් දෛනික  ප්‍රවාහනයට බාධාවක් නැත

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව අද ක්‍රියාත්මක වන  වර්ජනයට පෞද්ගලික බස් රථ මෙන්ම දුම්රිය සහ ශ්‍රී ලංගම වෘත්තිය සමිති රැසක් සහාය පළ නොකරයි.

 


අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති  දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු කාර්ය මණ්ඩල නිවාඩු අවලංගු කර ඇති අතර අද දින සේවයට වාර්තා නොකරන සියලු නිලධාරීන්ගෙන් නිදහසට කරුණු විමසා තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා එම දෙපාර්තමේන්තුවේ සියලු ප්‍රධානීන් වෙත දැනුම් දී ඇත.

 


මේ අතර ඊයේ පැවති ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න කියා සිටියේ මෙම වර්ජනයට දුම්රිය ස්ථානාධිපති සංගමය, දුම්රිය පාලක සංයමය සහ දුම්රිය නියාමක සංගමය එක්නොවන බවයි.

 


ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පොදුජන ප්‍රවාහන සේවක සංගමයේ සභාපති නුරාර්ජිත් සිං ප්‍රකාශ කළේ සංගම් පහක් මෙම වර්ජනයට සහාය නොදක්වන අතර ඔවුන් අද දිනයේ   ශ්‍රී ලංගම ඩිපෝ වල බස් ගමනාගමන කටයුතු වල නිරතවන බවයි. එසේම ලංකා පෞද්ගලික බස්  සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ දීපව්‍යාප්තව අද දිනයේ දී පෞද්ගලික බස් රථ  13000 ට ආසන්න සංඛ්‍යාවක් ධාවනයේ යෙදෙන බවයි.

 

views

199 Views

Comments

arrow-up