අපේක්ෂා රෝහලේ ස්කෑන් යන්ත්‍ර මිලදී ගැනීමක් පිටුපස මහා පරිමාණ වංචාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
08

අපේක්ෂා රෝහලේ ස්කෑන් යන්ත්‍ර මිලදී ගැනීමක් පිටුපස මහා පරිමාණ වංචාවක්

අපේක්ෂා රෝහලේ ස්කෑන් යන්ත්‍ර මිලදී ගැනීමක් පිටුපස මහා පරිමාණ වංචාවක්

2018 වසරේදී සිදු කළ ටෙන්ඩර් කැඳවීමකට අනුව 2010 වසරේ නිෂ්පාදිත එම්. ආර්. අයි. ස්කෑන් යන්ත්‍රයක් මහරගම අපේක්‍ෂා රෝහලට මිලදී ගැනීමට සැලසුම් කර තිබෙන බව රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමය සඳහන්  කරයි. මෙම ස්කෑන් යන්ත්‍රය සඳහා රුපියල් මිලියන 334 ක් වියදම් වී ඇති බවත් 2018 වසරේදී මහරගම අපේක්ෂා රෝහලට මෙන්ම හම්බන්තොට රෝහලටද එම්.ආර්.අයි. ස්කෑන් යන්ත්‍රය බැගින් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබෙන අතර ඒ අනුව අදාළ යන්ත්‍ර මිලදී ගැනීම සඳහා සමාගම් තෝරගැනීම සිදුකළ බවත් එම සංගමය පෙන්වා දෙයි. නමුත් ඇති වූ ගැටලුකාරී තත්වයක් මත හම්බන්තොට රෝහලට අදාල යන්ත්‍රය සඳහා කළ ටෙන්ඩරය අවලංගු කර ඇත.

 

ගෙවීගිය වසර 13 තුළදී නවීන තාක්‍ෂණයෙන් යුත් එම්.ආර්.අයි. යන්ත්‍ර වෙළෙඳපොළට පැමිණ තිබීම හේතුවෙන් මෙම ටෙන්ඩරය වහාම අවලංගු කළ යුතු බවත් මෙවැනි යන්ත්‍රයක් නිෂ්පාදනය කළ පසු අදාල සමාගම් අමතර කොටස් සැපයීම සිදුකරනු ලබන්නේ, වසර 10 ත් 15 ත් අතර කාලයක් තුළදී පමණක් වන නිසා මෙම යන්ත්‍රය මිලදී ගැනීමට  කටයුතු කළහොත් ඉදිරියේදී අමතර කොටස් නොමැතිවීමේ ගැටලුවකට මුහුණදීමටද සිදුවන බවත් රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමය පවසයි.

 

ගෙවීගිය කාලයේදී වසර 5 ට වඩා වැඩි නිෂ්පාදිත කාලයක් සහිත විවිධ පරීක්‍ෂණ යන්ත්‍ර සැලකිය යුතු ප්‍රමාණයක් මිලදී ගෙන තිබෙන අතර මේ ආකාරයට මිලදී ගත් යන්ත්‍රවලින් යම් ප්‍රමාණයක් කාර්මික දෝෂවලට ලක් වී තිබෙන බවත්, එහෙත් සමහර යන්ත්‍ර අලුත්වැඩියා කටයුතු සිදුකිරීමට අමතර කොටස් නොමැති බවත් එම සංගමය විසින් පැවසීය.

views

202 Views

Comments

arrow-up