යල කන්නය සඳහා ප්‍රමාණවත් මඩ පොහොර ඇති බවට කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
01

යල කන්නය සඳහා ප්‍රමාණවත් මඩ පොහොර ඇති බවට කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි

යල කන්නය සඳහා ප්‍රමාණවත් මඩ පොහොර ඇති බවට කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි

කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ යල කන්නය සඳහා ප්‍රමාණවත් TSP හෙවත් මඩ පොහොර පවතින බවයි. යල කන්නය සඳහා මඩ පොහොර මෙට්‍රික් ටොන් 35,000 ක් අවශ්‍ය බවට ගණන් බලා ඇති බව ලංකා කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කළේය.

 

ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානය හරහා ගොවීන් වෙත මෙම පොහොර බෙදා දීමට සැලසුම් කර ඇති බවද ඔහු සඳහන් කළේය. යල කන්නය සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් 55000 ක් මෙරට තුළ පවතින බවත්, තවත් මෙට්‍රික් ටොන් විසිදාහක් කඩිනමින් ආනයනය කරන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

 

යල කන්නයේ වගා කටයුතු ලබන 15 වැනිදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

views

228 Views

Comments

arrow-up