වැඩි මිලට බිත්තර අලෙවි කල පිරිසක් තලවකැලේදී හසු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
22

වැඩි මිලට බිත්තර අලෙවි කල පිරිසක් තලවකැලේදී හසු වෙයි

වැඩි මිලට බිත්තර අලෙවි කල පිරිසක් තලවකැලේදී හසු වෙයි

තලවකැලේ නගරයේ පාලන මිලට වඩා වැඩි මිලට ඇතැම් වෙළෙඳුන් බිත්තර අලෙවි කරන බවට ලද පැමිණිල්ලක් මත සිදු කරන ලද වැටලීමකදී පාලන මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කළ තලවකැලේ නගරයේ වෙළෙඳුන් සිව්දෙනෙකුට එරෙහිව නෛතික පියවර ගැනීමට නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

 

මෙම වෙළෙඳුන් රතු බිත්තරයක් රුපියල් 50.00කට සහ සුදු බිත්තරයක් රුපියල් 48.00කට අලෙවි කර තිබෙන අතර ඔවුන්ව වෙළෙඳුන්ව ඇපකරයක් මත මුදාහැර මේ මස 28 වනදා නුවරඑළිය දිසා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට උපදෙස් ලබාදුන් බව නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරියේ ප්‍රධානී අමිල රත්නායක මහතා සඳහන් කරයි.

 

පාරිභෝගික කටයුතු අධිකාරිය නීතිපති උපදෙස් මත බිත්තර මිල ඉහළයාම පාලනය කිරීම සඳහා  පසුගියදා නව ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබුණ අතර එහි දක්වා තිබුණේ සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44.00ක් සහ රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46.00ක් ලෙසයි.

views

202 Views

Comments

arrow-up