ඉන්දියාවෙන් ලංකාවට තවත් ණය සහන
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
08

ඉන්දියාවෙන් ලංකාවට තවත් ණය සහන

ඉන්දියාවෙන් ලංකාවට තවත් ණය සහන

ශ්‍රී ලංකාවට මාස කිහිපයක කාලයක් සඳහා ප්‍රදානය කළ ඩොලර් බිලියන 01ක ඉන්දීය ණය පහසුකම මේ වසර අවසානය වන තෙක් දීර්ඝ කිරීමට ඉන්දියාව සමග  ශ්‍රී ලංකාව සාකච්ඡා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

ඖෂධ හා ආහාර ආනයනය සදහා ලබා දුන් එම ණය පහසුකම මේ වසරේ මාර්තු 17 වනදා අවසන් වීමට නියමිතය.

 

අදාළ ණය පහසුකම යටතේ ලංකාව ඖෂධ සහ ආහාර සදහා ඉන් භාවිත කර ඇත්තේ, තුනෙන් දෙකක ප්‍රමාණයක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර තිබේ.

views

188 Views

Comments

arrow-up