කාන්තා අමාත්‍යාංශය ජනපති යටතට පවරාගත් හේතුව මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
08

කාන්තා අමාත්‍යාංශය ජනපති යටතට පවරාගත් හේතුව මෙන්න

කාන්තා අමාත්‍යාංශය ජනපති යටතට පවරාගත් හේතුව මෙන්න

ශ්‍රී ලාංකික කාන්තාවගේ  බහුවිධ භූමිකා වඩාත් බලාත්මක කරමින් බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සදහා වන ගමනේදී මෙරට කාන්තාවන්ගේ උපරිම දායකත්වය ලබා ගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකාවේ කාන්තා කටයුතු අමාත්‍යාංශය තාවකාලිකව තමා යටතට පවරා ගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටී.



පාර්ලිමේන්තුවේ පමණක් නොව, රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශයේ සියලු ක්ෂේත්‍රවල කාන්තා නියෝජනය ඉහළ නැංවීමේ පුළුල් වැඩපිළිවෙළක්  ක්‍රියාවට නංවා තිබෙන අතර කළමනාකරණ හා දේශපාලන තීන්දු ගන්නා යාන්ත්‍රණයෙහි කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීමට රජය  කැප වී සිටින බව රනිල් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත්  පවසා සිටී.


ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට  අවශ්‍ය කටයුතු මේ වන විටත් සම්පාදනය කර ඇති අතර එතෙකින් නොනැවතී ජාතික කාන්තා කොමිසම නමින් ස්වාධීන කොමිසමක් පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපනය කිරීමට ද අපේක්ෂා කරන අතර ඔම්බුඩ්ස්වුමන් වරියක  මෙන්ම වැවිලි හා ඇඟලුම් ආදි ක්ෂේත්‍රයන්හි අධ්‍යක්ෂ මණ්ඩලවලට කාන්තාවන් පත් කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙන්නේ යැයි ජනාධිපතිවරයා පවසා සිටී.

views

236 Views

Comments

arrow-up