වැලිකඩ සිටින අපරාධකරුවෙකුගේ සමීප මිතුරෙක් ගිනි අවියක් සමග දැලේ

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධකරුවකුගේ සමීපතමයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසා සිටී.
විදේශ රටක නිෂ්පාදිත නවීන පිස්තෝලයක් සමග මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසා සිටී.
පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ දී බව පොලිසිය සදහන් කරයි.
මෙම සැකකරු සන්තකයේ තිබී සොයාගත් ගිනි අවිය සහ ජංගම දුරකථනය වැඩිදුර විමර්ශන සඳහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත බාර දී ඇත.
සැකකරු 28 හැවිරිදි අයෙකි.
223 Views
Comments