DEC
03
රහසිගත ලිපි දාන්න රනිල් ලස්සන බෑගයක් හදාගෙන

ජනාධිපතිවරයාගේ ලිපි ලේඛන රැගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු බෑගයක් (Attaché Case) යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ විසින් ඊයේ (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගන්වා තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ලෝක නායකයන් සංචාරයන්හි නිරත වන විට වැදගත් හා රහසිගත ලිපි ලේඛන රැගෙන යාමට සුවිශේෂ බෑගයක් (Attaché Case) භාවිතා කිරීම සම්ප්‍රදායක් බවයි.
180 Views
Comments