බේරේ බෝට්ටුවට වැය කළ මුදලුත් බේරේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

බේරේ බෝට්ටුවට වැය කළ මුදලුත් බේරේ

බේරේ බෝට්ටුවට වැය කළ මුදලුත් බේරේ

 

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කොළඹ   බේරේ වැවේ ක්‍රියාත්මක කළ බෝට්ටු සේවාවෙන් 2019 වර්ෂයේදී  පාඩු ලබා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

 

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් සංස්ථාව දැරූ මුදල රුපියල් කෝටි හතරකට වැඩිය.

 

රුපියල් කෝටියකට වැඩි  වටිනා නව බෝට්ටුවක්ද මෙම ව්‍යාපෘතිය සඳහා යොදවාගෙන තිබූ බව එම වාර්තාවේ සඳහන් වේ.

 

නිසි ශක්‍යතා අධ්‍යයනයකින් තොරව සංස්ථාව  මෙම බෝට්ටු සේවාව ආරම්භ කර තිබූ බව විගණන  අංශ පවසයි.

 

මේ තොරතුරු සඳහන් වන්නේ  ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ 2019 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති  විගණන  වාර්තාවේය.
 

views

268 Views

Comments

arrow-up