NOV
26
අදත් පිට ගිය දුම්රිය

කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර, කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය එන්ජිමක් පීලි පැනීම නිසා ඇති වී ඇති මාර්ග අවහිරතාවයක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත.
ඒ හේතුවෙන් අද (26) දින ධාවනය වීමට නියමිත දුම්රියන් ප්‍රමාද වී ධාවනය වීමට හෝ ධාවනය අවලංගු වීමට ඉඩ ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
මෙය මෙම වසරේ 47 වන දුම්රිය පීලිපැනීම බව වාර්තා වේ.
169 Views
Comments