සර්ව පාක්ෂික ආණ්ඩුව ගැන චම්පිකගේ අදහස්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
14

සර්ව පාක්ෂික ආණ්ඩුව ගැන චම්පිකගේ අදහස්

සර්ව පාක්ෂික ආණ්ඩුව ගැන චම්පිකගේ අදහස්

සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති කොන්දේසි ඉටු වන්නේ නම් ඕනෑම වගකීමක් භාර ගැනීමට සූදානම් බව පාරාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

 

හඬ නඟන පිරිසට නීතිය ක්‍රියාත්මක කිරීමට යෑම නතර කර රට තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ වැඩපිළිවෙළ ප්‍රකාශයට පත් කරන ලෙස ඒ මහතා ඉල්ලා සිටියි.

 

එසේම එම ප්‍රතිසංස්කරණ මත පදනම් වූ අයවැය යෝජනාවක් ගෙන එන ලෙස ද පාර්ලිමේන්තුවේ නිල තල  නොදරන ඇමතිධූර මන්ත්‍රීවරුන් සියලු දෙනා යොදා ගනිමින් පාර්ලිමේන්තුවේ කාරක සභා ක්‍රමයක් හරහා අමාත්‍ය මණ්ඩල හසුරවන ලෙස ඒ මහතා යෝජනා කරයි.

 

තාම ඇමතිධූර හරියට කරලා පෙන්වා ඇති බවත් වැදගත් වන්නේ ඇමතිධූර නොව කොන්දේසි ඉටු වීම බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා තිබේ.

views

240 Views

Comments

arrow-up