ජනපති සමඟ සාකච්ඡා කිරීමට ජවිපෙ තීරණය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
07

ජනපති සමඟ සාකච්ඡා කිරීමට ජවිපෙ තීරණය කරයි

ජනපති සමඟ සාකච්ඡා කිරීමට ජවිපෙ තීරණය කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකර ඇති ආරාධනයට අනුව ඔහු සමඟ සාකච්ඡා කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත.

 

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සදහන් කළේ අදාළ සාකච්ඡා හෙට (09) පස්වරුවේ පැවැත්වීමට නියමිත බවයි.

 

නමුත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලබා නොදෙන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

 

ජනාධිපතිවරයා පසුගියදා විවෘත ආරාධනයක් කරමින් පැවසූයේ සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහයෝගය ලබාදෙන ලෙසටයි.

views

228 Views

Comments

arrow-up