යුවාන් වෑන්ග් 5 නෞකාව සම්බන්ධයෙන් චීන බලධාරීන් රජයේ ඉහළ නිලධාරීන් සමඟ හදිසි සාකච්ඡාවක් ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
07

යුවාන් වෑන්ග් 5 නෞකාව සම්බන්ධයෙන් චීන බලධාරීන් රජයේ ඉහළ නිලධාරීන් සමඟ හදිසි සාකච්ඡාවක් ඉල්ලයි

යුවාන් වෑන්ග් 5 නෞකාව සම්බන්ධයෙන් චීන බලධාරීන් රජයේ ඉහළ නිලධාරීන් සමඟ හදිසි සාකච්ඡාවක් ඉල්ලයි

මතභේදයට තුඩුදුන් චීන යුවාන් වෑන්ග් 5 නෞකාව මෙරටට පැමිණීම කල් දමන ලෙස ශ්‍රී ලංකා රජයෙන් සිදු කළ ඉල්ලීමත් සමග චීන බලධාරීන් රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් සමග හදිසි සාකච්ඡාවක් ඉල්ලා ඇති බවට වාර්තා වේ.

 

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අදාළ ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙරට චීන තානාපති කාර්යාලය විසින් අදාල ඉල්ලීම සිදුකර ඇති බවයි.

 

චීන අභ්‍යවකාශ හා චන්ද්‍රිකා නිරීක්ෂණ නෞකාවක් වන යුවාන් වෑන්ග් 5 ලබන 11 වනදා හම්බන්තොට වරායට ළඟාවීමට නියමිතයව තිබූ අතර ඉන්දීය රජයේ ඒ පිළිබඳව සිය කනස්සල්ල පළකර තිබුණි.

views

241 Views

Comments

arrow-up