උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හෙට සිට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
07

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හෙට සිට

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හෙට සිට

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු හෙට (09) සිට ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කරයි.

 

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ යන අයගේ ප්‍රධානත්වයෙන් හා දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යලි ආරම්භ කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවත්වා ඇත.

 

මෙම විශේෂ සාකච්ඡාව ඊයේ (07) නාවලපිටිය දුම්රිය ස්ථානයේදී පවත්වා තිබේ.

 

මෙම සාකච්ඡාවේ දී දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසා ඇත්තේ දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයකම නායයෑම් සහ පස් හා ගල් පෙරළී ඇති බවත් ඒවා මේ වන විටත් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු අවසන් වෙමින් පවතින බවත්ය.

views

268 Views

Comments

arrow-up