වී අලෙවි මණ්ඩලය පසුගිය දින තුනේ දී වී මෙට්‍රික් ටොන් 844ක් මිලට ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
22

වී අලෙවි මණ්ඩලය පසුගිය දින තුනේ දී වී මෙට්‍රික් ටොන් 844ක් මිලට ගනී

වී අලෙවි මණ්ඩලය පසුගිය දින තුනේ දී වී මෙට්‍රික් ටොන් 844ක් මිලට ගනී

පසුගිය දින 03 තුළ දී පමණක් වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 844ක් මිලදීගෙන තිබේ.

 

වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් අල්විස් මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

 

ඒ මහතා සඳහන් කළේ මේ වන විට වෙළදපොලෙහි වී කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 80-90 දක්වා පහත බැස ඇති බැවින් ගොවි ජනතාවගෙන් අවම මිලක් යටතේ වී මිලදී ගැනීමට පියවර ගත් බවයි.

 

ඒ අනුව වී අලෙවි මණ්ඩලය නාඩු වී කිලෝවක් රුපියල් 120ක්, සම්බා වී කිලෝවක් රුපියල් 125ක්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130ක් වශයෙන් මිලදී ගැනීමට කටයුතු කර තිබේ.

views

226 Views

Comments

arrow-up