නීතිවිරෝධී පුපුරණ ද්‍රව්‍ය ටොන් 1ක් සොයා ගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
20

නීතිවිරෝධී පුපුරණ ද්‍රව්‍ය ටොන් 1ක් සොයා ගැනේ

නීතිවිරෝධී පුපුරණ ද්‍රව්‍ය ටොන් 1ක් සොයා ගැනේ

ශ්‍රී ලංකා නාවික හමුදා විසින්  අද කළ විශේෂ මෙහෙයුමකදී මන්නාරම ශාන්තිපුරම් ප්‍රදේශයේ තිබී නීතිවිරෝධී වාණිජ පුපුරණද්‍රව්‍ය කූරු තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ඔවුන් සතුව තිබී වෝටර් ජෙල් පුපුරණ ද්‍රව්‍ය කූරු 7,990ක් හමුව තිබේ. එම පුපුරන ද්‍රව්‍ය තොගය මුළු බර  ටොන් 1කට ආසන්න වේ.

 

නාවික හමුදාව පවසන්නේ මේවා නීති විරෝධී මසුන් ඇල්ලීම සඳහා යොදා ගැනීමට මෙලෙස සඟවා තිබෙන්නට ඇති බවයි.

 

මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු නාවික හමුදාව සහ මන්නාරම පොලිසිය එක්ව සිදුකරයි.

views

739 Views

Comments

arrow-up