“ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් මහ පාරට බැහැලා සටන් කරන්න” - සජිත්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
14

“ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් මහ පාරට බැහැලා සටන් කරන්න” - සජිත්

“ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් මහ පාරට බැහැලා සටන් කරන්න” - සජිත්

කුමන ගැසට්ටුවක් නිකුත් කළද තම පක්ෂය 16 වැනිදා සංවිධානය කළ විරෝධතා රැළිය පවත්වන බව සමගි ජන බලවේගය සඳහන් කරයි.

 

ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් සටන් වැදීමට සූදානම් වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ(13) ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියේය.

 

“ජනතා රැල්ල කාටවත් නතර කරන්න බෑ. ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ආණ්ඩුවට විරුද්ධව මහපාරට බැහලා ජනතාවගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් සටන් කරන්න පෙරට එන්න කියලා.”‍

 

මේ අතර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව සමගි ජන බලවේගය විසින් “සාපය දැන් ඇති අපි එනවා කොළඹට” යනුවෙන් එළඹෙන 16 වැනිදා කොළඹ හයිට් පිටියේදී පැවැත්වීමට නියමිත විරෝධතා රැළිය සඳහා ලබාදී තිබූ අනුමැතිය අවලංගු කිරීමට පියවර ගෙන තිබුණි.

 

එළැඹෙන 16 වනදා පැවැත්වීමට නියමිත විරෝධතා රැළියට එරෙහිව සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ඊයේ(13) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත.

views

725 Views

Comments

arrow-up