JUL
28
මගී යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට

පුද්ගලයින් 19 දෙනෙකු පිලිපීනයේ මැනිලා නුවර ආසන්නයේ දී මගී යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පැවති දැඩි සුළං තත්ත්වය හේතුවෙන් එම යාත්‍රාව පෙරලී යාමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ දී එම යාත්‍රාවේ සිටි මගීන් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී නොමැත.
අනතුරින් පසු එහි සිටි 40 දෙනෙකු මුදාගෙන තිබෙන බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවදුරටත් යාත්‍රාව සම්බන්ධයෙන් සිදු කෙරෙන සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.
245 Views
Comments