රුපියල් ලක්ෂ 155 කට අධික දේපළ සොරකම්වලට අදාළ සැකකරුවෙක් අත්අඩංගුව

කඩුවෙල, කොරතොට ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 155 කට අධික දේපළ සොරකම්වලට අදාළ සැකකරුවෙකුඅත්අඩංගුවට ගෙන තිබෙනවා.
නුගේගොඩ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය විසින් සිදුකළ විමර්ශණ අනුව මෙම සැකකරු හසු වී ඇති අතර ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අයත් මාර්ගස්ථ සන්නිවේදන කුටි තුල තිබූ පාරිතෝෂික කාඩ්පත් සොරකම් කිරීම් කිහිපයක් සම්බන්ධයෙන් ලද පැමිණිලි මත මෙම විමර්ශනය සිදු කර ඇත.
මෙවැනි සොරකම් 09 ක් ගණේමුල්ල, බොරැල්ල, කොට්ටාව, මාලඹේ, නවගමුව හා හෝමාගම යන පොලිස්වසම්වල සිදුකර ඇති බවට සැකකරුගෙන් කරන ලද වැඩිදුර ප්‍රශ්ණ කිරීම්වලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් 40 හැවිරිදි සැකකරු සන්තකයේ තිබී පාරිතෝෂික කාඩ්පත් රාශියක්ද සොයා ගත් බවයි පොලීසිය සඳහන් කරයි.
සකකරු ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවකයෙකු බවට පොලීසිය විසින් හඳුනාගෙන ඇත.
290 Views
Comments