ට්‍රොපනින් පරීක්‍ෂණ කට්ටල තත්ත්වයෙන් බාලයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

ට්‍රොපනින් පරීක්‍ෂණ කට්ටල තත්ත්වයෙන් බාලයි

 ට්‍රොපනින් පරීක්‍ෂණ කට්ටල තත්ත්වයෙන් බාලයි

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වරුන්ගේ වෘත්තීය සමිතියේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසුවේ ඉන්දියාවෙන් ගෙන්වූ හදිසි හෘදයාබාධ හඳුනා ගැනීමේ කටයුතු සඳහා භාවිත කෙරෙන ට්‍රොපනින් (Tropanin 1) පරීක්‍ෂණ කට්ටල තත්ත්වයෙන් බාල බව තහවුරු වී ඇති බවයි. 

 

මෙම පරීක්‍ෂණ කට්ටල මගින් සිදුකර ඇති පරීක්‍ෂණවලින් නියමිත ප්‍රතිඵල නොලැබීම හේතුවෙන් එම රසායනාගාර කට්ටල වහාම රෝහල්වලින් ඉවත්කර නැවත ඖෂධ සැපයුම් ඒකකය වෙත යැවීමට පියවර ගෙන ඇතැයි ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා  පැවසීය.

 

මේ සම්බන්ධව වහාම ජනාධිපති විමර්ශනයක් කළ යුතුව ඇතැයි පැවසූ වෛද්‍ය චමල් සංජීව මහතා මේවාට සම්බන්ධ සියලු පුද්ගලයන්ට නිසි දඬුවම් ලබාදීමෙන් මෙරට සෞඛ්‍ය පද්ධතිය ජාත්‍යන්තරයේ හෑල්ලුවට ලක්වීම වළකා ගත හැකි බව ද අවධාරණය කළේය. 

 

‘ට්‍රොපනින්’ පරීක්‍ෂණය හෘදයේ වේදනාවක් සහිතව රෝහල්ගත වන රෝගීන්ට හදිසි හෘදයාබාධ තත්ත්වයක් වැළඳී තිබේදැයි තහවුරු කර ගැනීම සඳහා ඉතා වැදගත් බවත්, මෙම පරීක්‍ෂණ ප්‍රතිඵල මත රෝගියාට ලබාදෙන ඖෂධ තීරණය කරන බවත් වෛද්‍යවරයා  වැඩිදුරටත් සඳහන් කළේය.

views

252 Views

Comments

arrow-up