සම්බාහන මධ්‍යස්ථානයකදී විදේශික කාන්තාවකට බරපතල ලිංගික අතවරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

සම්බාහන මධ්‍යස්ථානයකදී විදේශික කාන්තාවකට බරපතල ලිංගික අතවරයක්

සම්බාහන මධ්‍යස්ථානයකදී විදේශික කාන්තාවකට බරපතල ලිංගික අතවරයක්

ශ්‍රී ලංකාවේ සංචාරක පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත ඇමරිකාවේ සිට ඊ-මේල් මගින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

 

සංචාරයකට පැමිණ සිටියදී හික්කඩුව ප්‍රදේශයේ සම්බාහන ආයතනයක සේවකයෙකු විසින් තමාගේ 22 හැවිරිදි දියණියට බරපතළ ලිංගික අතවරයක් කර ඇති බවට තරුණියගේ පියා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

 

පැමිණිල්ල අනුව අතවරයට පත් තරුණිය තම දෙමාපියන් සමඟ පසුගිය දෙසැම්බර් මාසයේ සංචාරයක් සඳහා ලංකාවට පැමිණ ඇති අතර හික්කඩුවේ හෝටලයක ඔවුන් නතර වී ඇත.

 

දෙසැම්බර් 26 දින ඇය තම මව සමඟ හික්කඩුවේ සම්බාහන මධ්‍යස්ථානයකට ගොස් ඇති අතර එහිදී ඇය සම්බාහනය කළ පුද්ගලයා විසින් ඇයට බරපතළ ලිංගික අතවරයක් කර ඇති බව සඳහන් වේ.

 

නැවත ඇමරිකාවට පැමිණි අවස්ථාවේ තමාට සිදු වූ මෙම අතවරය ගැන දියණිය පැවසූ බවත් ඒ අනුව පැමිණිල්ල ඉදිරිපත් කරන බවත් තරුණියගේ පියා විසින් ඊ-මේල් පණිවිඩයකින් දක්වා තිබේ. මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම ගාල්ල ළමා හා කාන්තා කාර්යාංශය මගින් සිදු කෙරේ.

views

255 Views

Comments

arrow-up