මැනිං වෙළෙඳපොළේ එළවළු මිල පහතට

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ එළවළු මිල ගණන් ඊයේ (23) පෙරවරුවේ පහත වැටී ඇති බව මැනිං පොදු වෙළෙඳ සමිතියේ නියෝජ්‍ය සභාපති ප්‍රභාත් සුසන්ත මහතා පැවසීය.
කැරට් කිලෝවක තොග මිල ඊයේ (23) රුපියල් 400ක් දක්වා පහත වැටී ඇති අතර, බෝංචි කිලෝවක් රුපියල් 250ක් දක්වා පහත වැටී තිබේ. වම්බටු කිලෝවක් රුපියල් 300කට අලෙවි වී ඇත.
දඹුල්ල හා හෙක්ටර් කොබ්බෑකඩුව ඇතුළු ආර්ථික මධ්‍යස්ථානවල ද ඊයේ (23) දිනයේ එළවළු මිල සාමාන්‍ය තත්ත්වයක පැවතුණු බව වාර්තා වේ.
කෙසේ වෙතත් තමන්ට දැනෙන මිල අඩු වීමක් සිදුව නැති බව එළවළු මිලදී ගැනීමට පැමිණෙන ජනතාව පවසයි.
673 Views
Comments