අවමගුලකට ගිය 48 කට කොවිඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
20

අවමගුලකට ගිය 48 කට කොවිඩ්

අවමගුලකට ගිය 48 කට කොවිඩ්

පයාගල හෙරගස්කැලේ ප්‍රදේශයේ අවමංගල්‍ය කටයුත්තක් සඳහා සහභාගී 48දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනයවී තිබේ.

 

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ හෙරගස්කැලේ, මැන්ඩෝරාවත්ත, එරියකන්ද යන ප්‍රදේශවලින් එම ආසාදිතයින් වාර්තා වු බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

 

අවමංගල්‍ය කටයුතු පැවති නිවසේ කාන්තාවකට අවසන් කටයුතු සිදුකළ දිනට පසුදින එනම් ජූලි 11 වනදා දින කොවිඩ් වැළඳී ඇති බවට තහවුරු වී ඇත.

 

අවමඟු‍ල් උත්සවය සඳහා සහභාගී වු පිරිස සොයා ජූලි 18 වන දින සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 140කින් මෙම පිරිස ආසාදිත බව හඳුනාගෙන ඇත.

 

මේ වන විට නිවාස 28ක් පමණ නිරෝධායනය සඳහා යොමුකර ඇති අතර අවමඟු‍ලට ගම්මානයට පිටතින් පැමිණි පුද්ගලයින් සොයා මෙහෙයුමක් දියත් කර ඇතැයිද බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවේය.

 

කොවිඩ් ආසාදිතයින් ඊයේ(19) රාත්‍රියේ රෝහල්ගත කිරීමට සෞඛ්‍ය අංශ හා යුද හමුදාව කටයුතු කර තිබුණි.

views

775 Views

Comments

arrow-up