88 වසරකට හිරේ ගොස් ජනපති සමාව ලබා පැමිණ අනියම් සැමියා සමඟ කුඩු විකුණූ කත
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
13

88 වසරකට හිරේ ගොස් ජනපති සමාව ලබා පැමිණ අනියම් සැමියා සමඟ කුඩු විකුණූ කත

88 වසරකට හිරේ ගොස් ජනපති සමාව ලබා පැමිණ අනියම් සැමියා සමඟ කුඩු විකුණූ කත

වසර 88 ක සිරදඬුවමක් නියම වී ජනාධිපති සමාවෙන් නිදහස් වී පැමිණ අනියම් සැමියා සමඟ හෙරොයින් අළෙවිකරමින් සිටි කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 12 ක් සමඟ පෙරේදා(12) අනුරාධපුර නගරයට ආසන්න රත්නායකපුරදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

මොවුන් ඊසි කෑෂ් ක්‍රමයට හෙරෝයින් අලෙවි කල බව අනුරාධපුර කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය පවසයි.

 

මෙලෙස අත් අඩංගුවට පත්වූයේ වයස අවුරුදු 35ක කාන්තාවක් හා ඇගේ අනියම් ස්වාමි පුරුෂයා බව කියන වයස අවුරුදු 40ක තැනැත්තෙකි.

 

සැකකාර කාන්තාව කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර සැකකරු පූගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

මෙම කාන්තාව හා ඇගේ නීත්‍යනුකූල සැමියා එක්ව ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල අයවළුන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් වංචා කිරීමත් මත්ද්‍රව්‍ය අළෙවිය ආදී දූෂණ ක්‍රියාවන් සඳහා වරදකරුවන්වීමත් නිසා වසර 88ක සිරදඬුවම් නියම වී තිබුණි.

 

එම සිරදඬුවම වසර 13ක් ගෙවා දැමීමෙන් පසු මීට මාස හතර හමාරකට පෙර කාන්තාවට පමණක් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලැබිණ.

 

මොවුන් දෙදෙනා මාස හතර හමාරකට අධික කාලයක් අනුරාධපුර හා ඒ අවට ප්‍රදේශවල ඊසිකෑෂ් ක්‍රමය යටතේ හෙරොයින් අළෙවිකර ඇති බව පොලීසිය සඳහන් කරයි.

views

905 Views

Comments

arrow-up