“රඹුක්කන ඝාතනයේ වගකිවයුතු සියලු‍ දෙනා නීතිය හමුවට පමුණුවා දැඩි දඬුවම් ලබාදෙනවා” - සජිත් (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
20

“රඹුක්කන ඝාතනයේ වගකිවයුතු සියලු‍ දෙනා නීතිය හමුවට පමුණුවා දැඩි දඬුවම් ලබාදෙනවා” - සජිත් (VIDEO)

“රඹුක්කන ඝාතනයේ වගකිවයුතු සියලු‍ දෙනා නීතිය හමුවට පමුණුවා දැඩි දඬුවම් ලබාදෙනවා” - සජිත්  (VIDEO)

රඹුක්කන චමින්ද ලක්ෂාන් සහෝදරයා මිලේච්ඡ ලෙස ඝාතනය කොට ඇති බවත්, එම ඝාතනය තරයේ හෙළා දකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

 

රාජපක්ෂ ආණ්ඩුවේ රාජ්‍ය ත්‍රස්තවාදයට එම තරුණයා හසු වූ බවත් දරු දෙදෙනකුට පියෙක්, බිරිඳකට සැමියෙක් අහිමි වූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා මේ මිලේච්ඡ ඝාතනය පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් වහා පැවැත්විය යුතු බවද පවසා සිටියේය.

 

රාජපක්ෂ ආණ්ඩුවේ නීච නිහීන ස්වරූපය බව මේ ප්‍රහාරයෙන් ගම්‍යවන බව පැවසූ විපක්ෂ නායකයා එය රාජපක්ෂවරුන්ගේ සුපුරුදු පිළිවෙත බව සඳහන් කළේය.

 

සජිත් ප්‍රේමදාස මහතා මෙම ඝාතනයට වගකිවයුතු සියලු‍ම දෙනා නීතිය හමුවට පමුණුවා ඔවුන්ට දැඩි දඬුවම් පැමිණවීමට කටයුතු කරන බවත් අවධාරණය කළේය.

views

703 Views

Comments

arrow-up