රටම අමාරුවෙන් දුවද්දී නිවසේ නීතිවිරෝධී ජාවාරමක් කරගෙන ගිය කාන්තාව මාට්ටු

මල්වතුහිරිපිටිය, දොරනාදිවෙල ප්‍රදේශයේ නිවසක ඉන්ධන අලෙවි කරමින් සිටි 45 හැවිරිදි කාන්තාවක් ඊයේ(12) සවස අත් අඩංගුවට ගත් බව මල්වතුහිරිපිටිය පොලිසිය කියයි.
පොලීසියට ලැබුණු තොරතුරක් මත එම කාන්තාවගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේදී ඩීසල් ලීටර් 80ක් සහ පෙට්‍රරල් ලීටර් 35ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඉන්ධනහල්වල අලෙවි කෙරෙන මිලට වඩා ඉන්ධන ලීටරයක් රුපියල් 50ක වැඩි මිලට අලෙවි කරමින් සිටියදී කාන්තාව මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත් පොලීසිය සඳහන් කරයි.
770 Views
Comments