මහින්දගේ රුව සහිත මුදල් නෝට්ටුවක් දුන් පුද්ගලයෙකුට විරෝධය එල්ල වෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත රුපියල් 1000 මුදල් නෝට්ටුවක් යාපනයේ පිහිටි වෙළෙඳ සලකට දුන් පුද්ගලයෙකුට අදාළ වෙළෙඳසැල් හිමිකරුවන් විසින් ඊයේ (05) සවස දැඩි විරෝධය පෑම හේතුවෙන් උණුසුම් තත්වයක් හට ගෙන තිබුණා.
අප වාර්තාකරු සඳහන් කළේ, යාපනය නගරයේ පිහිටි සාප්පුවකට ගිය පුද්ගලයෙකු යමක් මිලදී ගෙන මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත මුදල් නෝට්ටුවක් ලබා දීමත් සමග වෙළෙඳසැල් හිමියා මුදල් නෝට්ටුව ලබා දුන් පුද්ගලයා සමග උරණ වී දැඩි ලෙස බැන වැදී එම ස්ථානයෙන් ඉවත්වන ලෙසට පවසා ඇති බවයි.
අනතුරුව අදාළ පුද්ගලයාද වෙළෙඳ හිමියා සමඟ බහින්බස් වීම හේතුවෙන් අසල්වැසි වෙළඳසැල් හිමියන්ද එම ස්ථානයට පැමිණීමත් සමග එහි දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගෙන ඇත.
අප වාර්තාකරු සඳහන් කළේ, අනතුරුව අසල්වැසි වෙළෙඳසැල් හිමියන් විසින් තත්ත්වය පාලනය කළ බවය.
රාජපක්ෂ පාලනය කෙරෙහි පවතින විරෝධතා හේතුවෙන් එම පුද්ගලයා අදාළ මුදල් නෝට්ටුව නැවත වෙනත් වෙළෙඳ සලකට ඉදිරිපත් නොකරන ලෙසට අවවාද කර ඔහු එම ස්ථානයෙන් පිටත් කර යැවීමට සෙසු වෙළෙඳසැල් හිමියන් පියවර ගත් බව අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවා.
917 Views
Comments