රෝහල් වල බෙහෙත් අවසන් - සමස්ථ රෝහල් පද්ධතියම අඩාල වේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

රෝහල් වල බෙහෙත් අවසන් - සමස්ථ රෝහල් පද්ධතියම අඩාල වේ

රෝහල් වල බෙහෙත් අවසන් - සමස්ථ රෝහල් පද්ධතියම අඩාල වේ

පවතින අර්බුදකාරි තත්වය හමුවේ මෙරට රෝහල් පද්ධතිය පවත්වාගෙන යාමට නොහැකි තත්වයකට පවා පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අවධාරණය කරනවා.

 

 

එහි සාමාජික වෛද්‍ය කෝසල තෙන්නකෝන් මහතා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ අත්‍යවශය ඖෂධ මිලදී ගැනීම ඇතුලු වෙනත් අත්‍යවශ්‍යය වෛද්‍ය සේවා ලබා දීමට හෝ සෞඛ්‍ය අමාත්‍යංශය සතුව ප්‍රතිපාදන නොමැති බවයි.

 

 

මේ අතර දිවයිනේ රෝහල්වල දැනට පවතින ඇතැම් ඖෂධ ප්‍රමාණවත් වන්නේ තවත් සති තුනකට පමණක් බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වයඹ පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය ඉන්දික රත්නායක මහතා සදහන් කළා.

views

751 Views

Comments

arrow-up