රාජ්‍ය සේවකයින් කෑම පැයේදී විරෝධතාවයක

විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 කිරීමේ තීරණය ඉවත් කර ගැනීම, රුපියල් 10,000 කින් වැටුප් වැඩිකරන ලෙස සහ භාණ්ඩ මිල පහත හෙලන ලෙස ඉල්ලා රාජ්‍ය සේවකයින් අද විරෝධතාවයක නිරත වී තිබෙනවා.
මෙම විරෝධතාවය කොළඹ මහනුවර බේරුවල සහ ගාල්ල ඇතුළු ප්‍රදේශ රැසක ම ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.
මේ සඳහා සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීවරුන්, කළමනාකාර සේවකයින් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක නිලධාරීන් එක්ව තිබෙනවා.
මොවුන් මෙම විරෝධතාවය සඳහා රාජකාරි වේලාවන් යොදා ගෙන නොමැති අතර ඒ සඳහා යොදාගෙන ඇත්තේ කෑම පැයයි.
721 Views
Comments