රටවල් 41කින් විදෙස් රැකියා ලක්ෂ 12ක්

රටවල් 41කින් රැකියා බලපත්‍ර ලක්‍ෂ 12කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.
මෙම වසර තුළ මෙරට ශ්‍රමිකයන් ලක්‍ෂ තුනකට අධික සංඛ්‍යාවක් විදේශගත කිරීමට බලාපොරොත්තු වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
මෙම රැකියා බලපත්‍ර සඳහා ශ්‍රමිකයන් යොමුකිරීමේදී වෘත්තිය කුසලතා සහ භාෂා හැකියාව යන අවශ්‍යතා සම්පූර්ණ කරන පුද්ගලයන්ට අවස්ථාව හිමිවන බව කී අමාත්‍යවරයා නිපුණතාව සහ භාෂා කුසලතාව වර්ධනය කර ශ්‍රී ලාංකිකයන් විදේශගත කිරීමට විදේශ රැකියා අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බව ද අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
335 Views
Comments