ආරවුල දික්ගැස්සී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක්ව මරා දමලා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
09

ආරවුල දික්ගැස්සී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක්ව මරා දමලා

ආරවුල දික්ගැස්සී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක්ව මරා දමලා

ගම්පහ, ලක්ෂ්මී පාර ප්‍රදේශයේ නිවසක ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇත.

 

ඊයේ(08) අලු‍යම ලක්ෂීමිපාර ප්‍රදේශයේ නිවසකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු නිවැසියා සහ තවත් දෙදෙනෙකු සමඟ ආරවුලක් ඇති කර ගෙන තිබේ.

 

එම ආරවුල දුරදිගයාමෙන් අනතුරුව නිවසේ සිටි පුද්ගලයා සහ තවත් දෙදෙනෙකුට යතුරුපැදිකරුවන් විසින් තියුණු ආයුධයකින් පහරදී ඇතැයි පොලීසිය කියයි.

 

අනතුරුව තුවාලකරුවන් තිදෙනා ගම්පහ රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී එක් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇත.

 

අනෙක් දෙදෙනා ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය කියයි.

 

එලෙස මියගොස් තිබෙන්නේ ලක්ෂ්මී පාර, ගම්පහ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකි.

 

ඝාතනය සම්බන්ධයෙන් අවුරුදු 35 සහ 32 වයස්වල පසුවන ගම්පහ ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඊයේ ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

 

ගම්පහ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

721 Views

Comments

arrow-up