ගෑස් අනතුරු වළක්වා ගන්න විදුලි පරිපථ ආරක්ෂිතදැයි බලන ලෙස උපදෙස්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

ගෑස් අනතුරු වළක්වා ගන්න විදුලි පරිපථ ආරක්ෂිතදැයි බලන ලෙස උපදෙස්

ගෑස් අනතුරු වළක්වා ගන්න විදුලි පරිපථ ආරක්ෂිතදැයි බලන ලෙස උපදෙස්

පසුගිය දිනවල සිදුවූ ගෑස් අනතුරුවලින් කිසිදු ස්ථානයක ගෑස් සිලින්ඩර පුපුරා නොතිබුණු බවත් ගෑස් අනතුරු වළක්වා ගැනීම සඳහා නිවසේ විදුලි පරිපථ පරීක්‍ෂා කර ආරක්‍ෂිත බව තහවුරු කරගත යුතු බවත් රස පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේදී ජ්‍යෙෂ්ඨ සහකාර රසපරීක්‍ෂක රොෂාන් ප්‍රනාන්දු මහතා ඊයේ(25) පවසා සිටියේය.


අනතුරු සිදුවූ ස්ථානවල ද්‍රව පෙට්‍රෝලියම් වායුව නිදහස් වී වාතයේ වායු සමඟ මිශ්‍ර වීම හේතුවෙන් පුපුරා ගොස් තිබූ බව කී ජ්‍යෙෂ්ඨ සහකාර රසපරීක්‍ෂකවරයා වායු මිශ්‍රණය දෝලනය වීම විදුලි පුළිගුවක් මගින් විය හැකි බවත් සඳහන් කළේය.


උදෑසන අවදිවීමේදී නිවසේ වායු ගන්දයක් දැනේ නම් විදුලි බුබුළු නොදල්වා දොර, ජනෙල් විවෘත නොකර ගන්දය පහව යන තෙක් සිට ගෑස් පාවිච්චි කරන මෙන් ජ්‍යෙෂ්ඨ සහකාර රසපරීක්‍ෂකවරයා ජනතාවට උපදෙස් ලබා දුන්නේය.

views

773 Views

Comments

arrow-up