චැනල් 4 වීඩියෝව හැදූ අධ්‍යක්ෂකගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
26

චැනල් 4 වීඩියෝව හැදූ අධ්‍යක්ෂකගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව

චැනල් 4 වීඩියෝව හැදූ අධ්‍යක්ෂකගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව

මෙරට බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවු සහරාන් අතර හමුවක් සිදු වූ බවට ඉදිරිපත් කළ හැකි සාක්ෂියක් තමන් සතුව නොමැති බව බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විකාශය කළ වාර්තා වැඩසටහනේ අධ්‍යක්ෂවරයා සහ විධායක නිෂ්පාදකවරයා පිළිගෙන තිබේ.

 

ඔවුන් මේ බව සඳහන් කළේ ජිනිවා හී පැවැති වැඩසටහනකට එක් වූ අවස්ථාවේදීය.

 

චැනල් ෆෝ නාළිකාව වෙනුවෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තා වැඩසටහන නිෂ්පාදනය කළ බේස්මන්ට් ෆිල්ම්ස් ආයතනයේ බෙන්ඩි පෙයාර් සහ එහි අධ්‍යක්ෂ ටොම් වෝකර් ජිනීවා හි පැවැති මෙම කථිකාවට එක්විය.

 

බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාළිකාව විසින් විකාශය කරනු ලැබු  SRI LANKA'S EASTER BOMBINGS ; DISPATCHES යන වාර්තාමය වැඩසටහන හරහා හිටපු හමුදා බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සහ තවුහිද් ජමාත් සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවති හමුවකදී රාජපක්ෂවරුන් යළි බලයට ගෙනඒම සඳහා රට තුළ අනාරක්ෂිත තත්ත්වයක් ඇතිකිරීමට යෝජනා වූ බවට චෝදනා එල්ලකරනු ලැබීය. 

 

ඒ  කලක් පිල්ලෙයාන්ගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ, දැන් ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ පතන අසාද් මව්ලානා සිදුකළ ප්‍රකාශයත් සමගින්.

 

අසාද් මවුලානා සරණාගතභාවය අපේක්ෂා කරන පුද්ගලයෙක් ඒ නිසා නොවේද ඔහු මෙවැනි කතන්දරයක් ඉදිරිපත් කළේ. ඇයි ඔහු මෙතෙක් එවැනි ප්‍රකාශයක් සිදුනොකළේ. ඇයි ඔහු මෙතෙක් එවැනි ප්‍රකාශයක් සිදුනොකළේ රටින් පිටවනතුරු ඔහු එවැන්නක් පවසා නැහැ. ඔබ මේ තත්ත්වය දෙස බලන්නේ කොහොමද?

බේස්මන්ට් ෆිල්ම්ස් ආයතනයේ වාර්තා වැඩසටහනේ අධ්‍යක්ෂ ටොම් වෝකර්,

"ඔහු සහරාන් සමඟ සෘජු සම්බන්ධයක් පැවැත්වුවාද යන්න මම දන්නේ නැහැ. ආසාද් මවුලානා එම හමුවීම සම්බන්ධීකරණයට එක්වූයේ ඇයිද කියා මට පැහැදිළි පිළිතුරක් ලබාදිය නොහැකියි. අවංකවම, සහරාන් සහ සලේ අතර එවැනි පූර්ව හමුවක් සිදුවූ බවට සාක්ෂි මා සතුව නැහැ. ඔහු වසර ගණනාවක සිට සලේ දැන සිටියා වෙන්න පුළුවන්. සලේ අනිවාර්යෙන්ම එවැනි හමුවකට සහභාගි වූයේද යන්න මම දන්නේ නැහැ."

views

144 Views

Comments

arrow-up