පාර්ලිමේන්තුව බස්වලින් වටලයි - අරගලකරුවන්ට නොමිලේ බස් දෙන්න සංගම් එකතු වෙයි

රජයට එරෙහි සාමකාමී විරෝධතාවල නිරතවන තරුණ පිරිස් සඳහා නොමිලේ බස්රථ සේවාව ලබාදීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඊයේ(03) පැවසීය.
ඒ අනුව සාමකාමී විරෝධතාවල නිරත තරුණ පිරිස් වෙනුවෙන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් කිසිදු ගාස්තුවක් අය කිරීමෙන් තොරව බස් රථ ලබාදීමට පෞද්ගලික බස් හිමියන් වෙත උපදෙස් ලබාදී ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.
මීට අමතරව රජයට විරෝධය පල කරමින් ඉදිරි දිනක පාර්ලිමේන්තු සංකීර්ණය අවට මාර්ග බස්රථ යොදවා අවහිර කිරීමටද සංගමය විසින් තීන්දුවක් ගෙන ඇති බවත් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේය.
කෙසේ වුවත් එළැඹෙන 06 වැනිදා පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරයට සහයෝගය ලබා දෙන්නේද යන්න මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බවත් ඔහු තවදුරටත් පැවසීය.
708 Views
Comments