ටියුෂන් යනවා කියා ගෙදරට බොරු කියා ගිය පවුලේ එකම දරුවා වූ සිසුවාට අවසානයේ අත්වූ ඉරණම
විදේශගත ඔබට
Latest_News
calendar
APR
27

ටියුෂන් යනවා කියා ගෙදරට බොරු කියා ගිය පවුලේ එකම දරුවා වූ සිසුවාට අවසානයේ අත්වූ ඉරණම

ටියුෂන් යනවා කියා ගෙදරට බොරු කියා ගිය පවුලේ එකම දරුවා වූ සිසුවාට අවසානයේ අත්වූ ඉරණම

මහනුවර නගරයේ උපකාරක පන්තියකට යන බව පවසා මිතුරන් පිරිසක් සමඟ පසුගිය 23 වැනිදා දහවල් රඹුක්කන, ඉහළ කෝට්ටේ මීයන් ඇල්ල නැරඹීමට පැමිණි 17 හැවිරිදි පාසල් සිසුවෙකු දිය ඇල්ලෙන් ඇදවැටී ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි මාවනැල්ල පොලිසිය කියයි. 


මෙලෙස මියගොස් තිබෙන්නේ පංසලවත්ත, නත්තරම්පත පදිංචිව සිටි මාදිත දනංජය ගුණසේකර නමැති මහනුවර ප්‍රදේශයේ පාසලක 12 වැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 17 හැවිරිදි සිසුවෙකු බවත් මව පියා ඇතුළු දරුවන් තිදෙනකුගෙන් යුතු පවුලේ බාල එකම පිරිමි දරුවා බවත් පොලිසිය පවසයි.

 

උපකාරක පන්තියට පැමිණ මිතුරන් 09 දෙනෙකු එකතුවී මහනුවර නගරයේ සිට රඹුක්කන, ඉහළකෝට්ට දුම්රිය ස්ථානයට 12.30ට පමණ පැමිණි පිරිස දුෂ්කර මාර්ගය ඔස්සේ මීයන් ඇල්ල බැලීමට ගමන් කරමින් සිටිය දී මද දුරක් යන විට මිතුරන් කියා තිබෙන්නේ ලිස්සන නිසා ගමන යාමට නොහැකි බවකි. 

 

පසුව මියගිය සිසුවා ඡායාරුපයක් ගැනීමට යැයි කියා අඩි කිහිපයක් යනවාත් සමඟම පය ලිස්සා අඩි පනහකට අධික ප්‍රපාතයට වැටී ඇතැයි මූලික පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.

 

අසාධ්‍ය තත්වයෙන් පසුවූ සිසුවා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි  බව පොලිසිය පැවසීය.

views

787 Views

Comments

arrow-up