ලැජ්ජයි ශ්‍රී ලංකා පොලීසිය ගැන – මහේල ජයවර්ධන

රඹුක්කනදී විරෝධතාකරුවන්ට පොලීසිය විසින් වෙඩි තැබීම දැඩිව විවේචනය කරමින් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
ඔහු සදහන් කරන්නේ ජනතාව ප්‍රචණ්ඩකාරී ලෙස පොදු දේපලවලට හානි කළේ නම් ඔවුන් අත්අඩංගුවට නොගෙන වෙඩි තැබුවේ ඇයිද යන්නයි.
“මේකද ප්‍රජාතන්ත්‍රවාදය? මේකද රටේ නීතිය? මෙයට වගකිවයුත්තන් කවුරුන් වුව ද යුක්තිය ඉදිරියට ගෙන යා යුතුයි. ශ්‍රී ලංකා පොලිසිය ගැන මට ලැජ්ජයි !!”
යනුවෙන් මහේල සිය ට්විටර් පණිවුඩයේ සටහන් කර තිබෙනවා.
634 Views
Comments