මෝටර් රථය බසයේ ගැටී එකම පවුලේ හතරදෙනකුට බරපතලයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

මෝටර් රථය බසයේ ගැටී එකම පවුලේ හතරදෙනකුට බරපතලයි

මෝටර් රථය බසයේ ගැටී එකම පවුලේ හතරදෙනකුට බරපතලයි

මඩකළපුව - කල්මුණේ ප්‍රධාන මාර්ගයේ කලවන්චිකුඩි පොලිස් වසමේ කලූතාවලාහි ප්‍රදේශයේ පසුගිය 11 වනදා සවස සිදුවූ අනතුරකින් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා කලවංචිකුඩි මූලික රෝහලට ඇතුළත් කළ බව කලවංචිකුඩි පොලිසිය කියයි.

 

කල්මුණේ සිට මඩකලපුවට ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක්, මඩකලපුව දෙසින් කල්මුණේ දෙසට ධාවනය වූ මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුවූ බව වාර්තා වේ. 

 

එම මෝටර් රථයේ මව, පියා හා දරුවන් දෙදෙනා ගමන් කර සිට තිබේ.

 

මෝටර් රථයේ ගමන් කළ සිව්දෙනාම බරපතළ තුවාල ලබා කලවංචිකුඩි මූලික රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට මාරුකළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

views

665 Views

Comments

arrow-up