මාර්තු මාසය වන විට පොල් මිල පහළ යනු ඇති බවට අනාවැකියක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
23

මාර්තු මාසය වන විට පොල් මිල පහළ යනු ඇති බවට අනාවැකියක්

මාර්තු මාසය වන විට පොල් මිල පහළ යනු ඇති බවට අනාවැකියක්

එළැඹෙන මාර්තු මස වන විට පොල් මිල නැවතත් සාමාන්‍ය තත්වයට  පත්වනු ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිනි   මාධවී හේරත් පවසා සිටී.

 

මෙම කාලය තුළ ලැබෙන පොල් අස්වැන්න පහත වැටීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ යාමක් සිදුවන බවත් සභාපතිනිය සඳහන් කළාය.  වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසූයේ පොල් ගෙඩි මිලියන තුන්දාස් තුන්සීයක අස්වැන්නක් මෙම වසරේ බලාපොරොත්තු වන බැවින් පොල් අස්වැන්න ලැබීම යථා තත්ත්වයට පත්වීමෙන් පසු නැවතත් පොල් මිල පහත යනු ඇති බවයි.

 

එමෙන්ම පොල් වගාවට හානිකර සුදුමැස්සා උවදුර පොල් මිල ඉහළ යාමට කිසිසේත්ම බලපෑමක් සිදුකර නොමැති බවත් සමස්ත  පොල් වගා බිම් ප්‍රමාණයෙන් සියයට පහක පමණ වගාවක් තුළ පමණක්  සුදුමැස්සා හානිය පැතිර ඇති බවත් මාධවී හේරත් මහත්මිය  පැවසුවාය.

 

මෙම කෘමි  උවදුර පාලනය කිරීම සඳහා ඊයේ දිනයේ සිට සුදුමැස්සා මර්දන සතියක් ක්‍රියාත්මක වන අතර ඒ මගින් පොල් වගාකරුවන් දෙදහසක් සහ කෘමී හානියට ලක්ව ඇති පොල් ගස් ලක්ෂ දෙකක් ආවරණය කිරීමට නියමිතය.
 

views

239 Views

Comments

arrow-up