ජයවර්ධනපුර සරසවියේ ගැටුමකින් එක් සිසුවෙක් රෝහලේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලා අංශයේ සහ කලමනාකරණ අංශයේ සිසුන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් සමථයට පත් කිරීමට පොලීසිය මැදිහත් වී තිබේ.
ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් පැවැත්වූ සාදයක දී මෙම ආරවුල හටගෙන ඇති බව පොලිසිය කියා සිටි.
පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානයට ලැබුණු තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සිසුන් සමථයකට පත්කර නේවාසිකාගාර වලට යොමු කර තිබේ.
කෙසේ වෙතත් පසුව මෙම සිසුන් අලුයම 2.00 ට පමණ නැවත නේවාසිකාගාරයට පැමිණ ශාස්ත්‍ර පීඨය ඉදිරිපිටදී ගල්, වීදුරු බෝතල් සහ යකඩ පොලු මුගුරු රැගෙන නැවත ගැටුමක් ඇති කරගෙන ඇති බව පොලිසිය පවසා සිටී. මෙම ගැටුමෙන් එක් සිසුවෙක් කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර තවත් කිහිප දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙන බව වාර්තා වේ. මෙම ගැටුම හේතුවෙන් ශාස්ත්‍ර පීඨයේ ගොඩනැගිලි සහ ජනෙල් වීදුරු කිහිපයකට අලාභ හානි සිදුවී ඇති බව පොලීසිය පවසා සිටී.
240 Views
Comments