කොළඹ විශ්වවිද්‍යාලයට ආ ජනපති රනිල්ට සිසුන්ගෙන් හූ සංග්‍රහයක් (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
11

කොළඹ විශ්වවිද්‍යාලයට ආ ජනපති රනිල්ට සිසුන්ගෙන් හූ සංග්‍රහයක් (VIDEO)

කොළඹ විශ්වවිද්‍යාලයට ආ ජනපති රනිල්ට සිසුන්ගෙන් හූ සංග්‍රහයක්  (VIDEO)

නීති පීඨය ඇතුළු කොළඹ විශ්වවිද්‍යාලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට රජයේ සහාය නොමසුරුව ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර තිබූ Back To the Faculty of Law – Law Faculty වැඩසටහනට සහභාගීවීමෙන් අනතුරුව නීති පීඨයේ පීඨාධිපති කාර්යාලයේ පැවති සුහද සාකච්ඡාවේදීය.

 

විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එච්.ඩී.කරුණාරත්න, නීති පීඨයේ පීඨාධිපති මහාචාර්ය සම්පත් පුංචිහේවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී එල් පීරිස්, මධුර විතානගේ, ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 

කෙසේවෙතත් මෙහිදී ජනාධිපතිවරයා නීති පීඨයෙන් නික්ම යද්දී සිසුන් එක දිගට නොනවත්වා හූ තබන ආකාරයක් දැකගත හැකිවිය.

 

 

views

208 Views

Comments

arrow-up