අමු මිරිස් 1500ට නගී
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
03

අමු මිරිස් 1500ට නගී

අමු මිරිස් 1500ට නගී

ගම්පහ ඇතුලු අවට ප්‍රදේශයන්හිද මේ දිනවල එළවළු මිල ගණන් ඉතා ඉහළ මට්ටමක පවතින අතර ඊයේ (2) දිනයේදී අමු මිරිස් කිලෝවක් රුපියල් 1000 ත් 1500 ත් අතර මිලකට අලෙවි කළ ආකාරයක් දක්නට ලැබිණි.

 

 

එළවළු හිඟවීම මත මිල ගණන් ඉහළ ගොස් ඇති නමුත් මිල ගණන් හිතුමතේ පවත්වාගෙන යාමට වෙළඳුන් කටයුතු කරන බවට පාරිභෝගික ජනතාව චෝදනා කරති.

 

 

ඇතැම් වෙළඳුන් මිල ගණන් ප්‍රදර්ශනය නොකොට එළවළු අලෙවි කිරීමේ පසුබිමක මෙලෙස මිල ගණන් විවිධ මට්ටමින් පවත්වා ගෙන යාමට අවස්ථාව සැලසී ඇති බව පාරිභෝගිකයන් පෙන්වා දෙන අතර ඇතැම් වෙළඳුන් මිල ප්‍රදර්ශනය නොකොට අලෙවි කිරීම සම්බන්ධයෙන් අදාල රාජ්‍ය ආයතනය ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව පවසති.

views

772 Views

Comments

arrow-up