ඊළාම් ලාංඡන තොගයක් කැනඩාවේ සිට යාපනයට එයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
27

ඊළාම් ලාංඡන තොගයක් කැනඩාවේ සිට යාපනයට එයි

ඊළාම් ලාංඡන තොගයක් කැනඩාවේ සිට යාපනයට එයි

ඊළාම් සංවිධානයේ නිල ලාංජනය සහ තමිල් ඊළාම් දෙමල සංවිධානය ලෙස මුද්‍රණය කර ඇති කඩදාසි 25ක් යාපනය ප්‍රදේශයේ නිවසකට තැපෑලෙන් ලැබී තිබෙනවා.

 

පසුව ගෙහිමියා එම පාර්සලය යාපනය පොලිප්පනේ පොලිස් ස්ථානය වෙත ගෙනවිත් භාරදී තිබේ.

 

මෙම පාර්සලය ඔහුගේ බිරිඳගේ නමට ලැබී ඇති අතර ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඇයගේ සහෝදරයකු කැනඩාවේ පදිංචිව සිටින බවයි.

 

කැනඩාවේ පදිංචි පුද්ගලයා සහ තමාගේ බිරිඳ අතර ඇති අමනාපකමක් හේතුවෙන් මෙම ක්‍රියාව සිදු කරන්නට ඇතැයි පැමිණිලි කරු පොලීසිය හමුවේ කියා තිබෙනවා.

views

761 Views

Comments

arrow-up