හිටපු ප්‍රා. මන්ත්‍රී පොලිස් අත්අඩංගුවේදී මියයයි - රන්න ඇවිස්සෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
20

හිටපු ප්‍රා. මන්ත්‍රී පොලිස් අත්අඩංගුවේදී මියයයි - රන්න ඇවිස්සෙයි

හිටපු ප්‍රා. මන්ත්‍රී පොලිස් අත්අඩංගුවේදී මියයයි - රන්න ඇවිස්සෙයි

මත්පැන් අලෙවි කිරීමේ චෝදනාවට හුංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හිටපු ප්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයෙකු වූ ප්‍රේමතිලක අමරවීර මහතා පොලිසිය තුළදීම පසුගිය උඳුවප් පොහෝදා මියගොස් ඇත.

 

අදාළ ප්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයා පොහොය දිනයේ මත්පැන් අලෙවි කල බවටවූ චෝදනාවක් මත හුංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මොහු තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්තී‍්‍රවරයෙකි. අත්අඩංගුවට ගත් සැකකාරු  හුංගම පොලිසියට රැගෙනවිත් මද වේලාවකට පසු සිරමැදිරිය තුළදී ඇද වැටී තිබේ.

 

පසුව ඔහුව රන්න රෝහලට ඇතුළත් කෙරුණු අතර ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පැවැසීය.

 

සැකකාර ප්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයා මිය යෑමත් සමඟ ඔහුගේ ඥාතීන් ඇතුළු පිරිසක් කොළඹ කතරගම ප්‍රධාන මාර්ගය රන්න ප්‍රදේශයෙන් අවහිර කර කලහකාරී ලෙස හැසිරෙමින් විරෝධතාවයක නිරත වූහ. 

 

මේ හේතුවෙන් වාහන ගමනාගමනයටද බාධා ඇතිවිය.

views

768 Views

Comments

arrow-up