පැරණි පෙම්වතාට “බායි” කියූ 11 හැවිරිදි දැරිය අලු‍ත් පෙම්වතා සමඟ පැන යයි - අනුබල දුන් මවට වූ දේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
20

පැරණි පෙම්වතාට “බායි” කියූ 11 හැවිරිදි දැරිය අලු‍ත් පෙම්වතා සමඟ පැන යයි - අනුබල දුන් මවට වූ දේ

පැරණි පෙම්වතාට “බායි” කියූ 11 හැවිරිදි දැරිය අලු‍ත් පෙම්වතා සමඟ පැන යයි - අනුබල දුන් මවට වූ දේ

තම අලුත් පෙම්වතා සමඟ ලබාගත් ඡායාරූපයක් සහිතව “අපි යනවා” යැයි පරණ පෙම්වතාට වට්ස්ඇප් පණිවිඩයක් ඔස්සේ යැවූ එකොළොස් හැවිරිදි දැරිය රැගෙන ගිය 20 හැවිරිදි තරුණයා සහ ඔහුගේ මව කහතුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

දැරිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර හෝමාගම පදිංචි දැරිය සතියකට පමණ කාලයක නිවාඩුවක් ගත කිරීමට තිනියාවල ප්‍රදේශයේ පුංචි අම්මාගේ නිවසේ රැඳී සිටියදී භාණ්ඩ ප‍්‍රවාහනය කිරීමේ යෙදුණු විසි හැවිරිදි තරුණයා සමඟ ප්‍රේම සබඳතාවක් ගොඩ නගාගෙන ඇත්තේ ඇයට වයස අවුරුදු දාහතක් බවට තරුණයාට හඟවමින් බව පොලිසිය පවසයි.

 

දැරිය හෝමාගම නිවසට පැමිණීමෙන් පසු ජංගම දුරකථනය හරහා තරුණයා සමඟ සම්බන්ධ වී ඇති අතර තරුණයා සිදුකළ යෝජනාවක් මත දැරිය ඔහු හා යෑමට එකඟවී ඇතැයි පොලිසිය කියයි.

 

ඒ අනුව සැකකාරු දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මාකුඹුරට පැමිණ එතැන් සිට ත‍්‍රිරෝද රථයකින් දැරියගේ නිවසකරා පැමිණ දැරිය රැගෙන මාකුඹුරට පැමිණ එතැන් සිට අධිවේගී මාර්ගය ඔස්සේ සුඛෝපභෝගී බස් රථයකින් නෙළුව නිවස කරා ගෙන ගොස් තිබූ බව පොලිසිය පවසයි.

 

මේ සම්බන්ධයෙන් දැරියගේ දෙමව්පියන් සිදු කරන ලද පැමිණිල්ලක් අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් අවට සී. සී. ටී. වී. කැමරා පරීක්ෂා කිරීමේදී ත‍්‍රිරෝද රථයකට නැඟ දැරිය පිටවන අයුරු සටහන්ව තිබූ බව පොලිසිය පවසයි.

 

පොලිස් නිලධාරීන් එම ත‍්‍රිරෝද රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ සිදුකළ පරීක්ෂාවේදී එය හෝමගම මාකුඹුර ප‍්‍රදේශයේ ත‍්‍රිරෝද රථයක් බවට අනාවරණය වීමෙන් පසු ත‍්‍රිරෝද රථ රියැදුරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ත‍්‍රිරෝද රථයේ පැමිණි දෙදෙනා සුඛෝපබෝගී බස් රථයක් වෙත ගිය බව අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

 

පොලිස් නිලධාරීන් දැරියගේ මවුපියන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී 11 හැවිරිදි දැරිය හෝමාගම ප්‍රදේශයේ තරුණයෙකු සමඟද මීට පෙර සබඳතාවක් පවත්වාගෙන ගිය බවත් ඊට තමන් විරුද්ධ වූ බවත් පොලිස් නිලධාරීන්ට පැවසූ බව පොලිසිය කියයි.

 

ඒ අනුව පොලිස් නිලධාරීන් එම තරුණයාගේ නිවස සොයා යෑමේදී එම තරුණයා නිවසේ සිට ඇති අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී තමන්ගේ ජංගම දුරකථනයට තමන් මීට පෙර සබඳතාවක් පැවැත්වූ පෙම්වතිය තරුණයෙකු සමඟ ගත් ඡායාරූපයක් එවා “අපි යනවා” යැයි කෙටි පණිවිඩයක් ද එවා තිබූ බවට පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම හමුවේ පවසා තිබූ බව පොලිසිය පවසයි.

 

ජංගම දුරකථනයේ සඳහන්ව තිබූ එම කෙටි පණිවුඩයේ සඳහන් වැඩිදුර තොරතුරු අනුව සිදු කළ පරීක්ෂාවේදී දැරිය ගෙන ගිය පුද්ගලයා තිනියාවල ප්‍රදේශයේ පුද්ගලයෙකු බවට අනාවරණය වී තිබේ.

 

වහා ක්‍රියාත්මක වූ පොලිසිය තිනියාවල පොලිසියට ඒ බව දැනුම් දීමෙන් පසු තිනියාවල පොලිස් නිලධාරීන් තරුණයාගේ නිවස වටලා තරුණයා සහ තරුණයාගේ මවද අත්අඩංගුවට ගෙන දැරියද පොලිස් භාරයට ගත් බව කහතුඩුව පොලිසියේ නිලධාරියෙක් කියා සිටයේය.

 

සැකකරුගේ මව ආධාර අනුබල දීමේ චෝදනාව යටතේද සැකකරු බාලවයස්කාර දැරියක් පැහැරගෙන යෑමේ චෝදනාවට යටතේද කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

views

4610 Views

Comments

arrow-up