වරායේ ලක්ෂ 400ක මුවආවරණ මගඩියක්

වරාය අධිකාරියේ සේවකයන් සඳහා ලබාදෙන මුව ආවරණ මිලදී ගැනීමේදී රුපියල් ලක්ෂ 400ක පමණ අක්‍රමිකතාවක් සිදුව ඇති බව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානයේ සමකැඳවුම්කරු නිරෝෂන් ගොරකානන්ද කියා සිටියේය.
වෙළෙඳපොළේ රුපියල් 07කට මිලට ගත හැකි මුව ආවරණ වරාය අධිකාරියේ බලධාරීන් විසින් රුපියල් 40ක් වැනි ඉහල මිලකට ලබා ගැනීම හේතුවෙන් මෙම අක්‍රමිකතාව සිදුවී ඇති බවද ඔහු පැවසීය.
මුව ආවරණ මසකට ලක්ෂයත්, ලක්ෂ එකහමාරත් අතර මිලදී ගන්නා බවත් මේ සම්බන්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවත් වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානයේ සමකැඳවුම්කරු කියා සිටියේය.
746 Views
Comments