අනූෂා දමයන්ති සී.අයි.ඩී යට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
23

අනූෂා දමයන්ති සී.අයි.ඩී යට

අනූෂා දමයන්ති සී.අයි.ඩී යට

රංගන ශිල්පිනී අනූෂා දමයන්ති අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියාය.

 

ඒ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීම සඳහාය.

ඇය සඳහන් කළේ සමාජ මාධ්‍ය හරහා තමාට සිදුකරන දැඩි මඩ ප්‍රහාර දරාගත නොහැකි බැවින් මෙලෙස පැමිණිලි කිරීමට කටයුතු කළ බවය.  

 

“මට ෆේස්බුක් එකේ දැඩි මඩ ප්‍රහාරයක් යනවා. සරත් වීරසේකර ඇමතිතුමාවත් සම්බන්ධ කරගෙන. රාජපක්ෂ කඳවුර වෙනුවෙන් මම දැඩිව සටන් කරපු කෙනෙක් නිසා වෙන්න ඇති කියලා මම හිතනවා. කාන්තාවක් විදිහට ෆේස්බුක්වල යන ඒ දේ කිසිසේත්ම සුදුසු නෑ. කාන්තා ලිංගික හිංසනයට වැටෙන ගනයේ අපරාධයක් තමයි ඒ සිද්ධ වෙන්නේ. නින්දිත විදිහට ඒ ක්‍රියාව සිදුවෙනවා. මම හීනෙකින්වත් හිතපු නැති දේවල්. මම සමාජයේ සුදුසු නැති ක්‍රියාවක යෙදුනා සහ ව්‍යාපාරයක් පවත්වාගෙන ගියා කියලා. වලාන දූෂණ මර්දන ඒකකයෙන් මගේ නිවස වැටලුවාට පස්සේ මම සරත් වීරසේකර ඇමතිතුමාට කෝල් කළා කියලා. සමාජය බුද්ධිමත්. ඒත් සමහර අය හිතන්න පුළුවන් මේක ඇත්ත කියලා. ෆේස්බුක් එක හරහා මේ වගේ අපහාස කරනවා කියන්නේ මේක මිනිහෙක්ව මරණවා හා සමානයි.”

views

5464 Views

Comments

arrow-up