රක්ෂණ මුදල් ගන්න 40 බිරිඳ මැරූ 24 සැමියා
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
04

රක්ෂණ මුදල් ගන්න 40 බිරිඳ මැරූ 24 සැමියා

රක්ෂණ මුදල් ගන්න 40 බිරිඳ මැරූ 24 සැමියා

බිරිඳගේ ජීවිත රක්ෂණ මුදල් ලබා ගැනීමට බිරිඳ ඝාතනය කළ සැමියෙක් පිටිගල පොලිසිය විසින් ඊයේ (03) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24 ක තරුණයෙක් බව සඳහන් වේ.

 

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම පුද්ගලයා සිය මිතුරෙකුට රුපියල් ලක්ෂ විස්සක් සහ කුලී රථ සමාගමකින් ජීප් රථයක් ද ලබාදී මිතුරා ලවා මෙම අනතුර සිදු කර ඇති බවයි.

 

පිටිගල මාපලගම ප්‍රදේශයේදී පසුගිය අප්‍රේල් මස 30 වන දින මෙම කාන්තාව අනතුරට ලක් කර ඇති අතර, ඇය එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව වාර්තා වේ.

 

මෙසේ මිය ගිය කාන්තාව වයස අවුරුදු 40 ක් වන අයෙකු බවද පැවසේ.

 

මෙම තරුණයා කාන්තාව ඝාතනය කර ඇය සතු වූ ජීවිත රක්ෂණ හතරෙහි වන්දි මුදල් ලබා ගැනීමට තැත් කර ඇතැයි පොලිසිය සඳහන් කර සිටී.

views

872 Views

Comments

arrow-up