ශවේන්ද්‍ර ගැන විමල්ගේ කතාවට ආරක්ෂක අමාත්‍යාංශයෙන් සැර පිළිතුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
27

ශවේන්ද්‍ර ගැන විමල්ගේ කතාවට ආරක්ෂක අමාත්‍යාංශයෙන් සැර පිළිතුරක්

ශවේන්ද්‍ර ගැන විමල්ගේ කතාවට ආරක්ෂක අමාත්‍යාංශයෙන් සැර පිළිතුරක්

2022 මැයි 09 වන දින අරගලය සංවිධානය කළ බලවේග සිදුකිරීමට සැරසුනේ එවකට සිටි විධායක ජනාධිපති ප්‍රමුඛ හමුදා ප්‍රධානීන් ජනාධිපති මන්දිරය තුල ඝාතනය කිරීමට බවත්, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම අවස්ථාවේදී ඉන්දියානු සංචාරයකට සහභාගී වී සිටීම සැක සහිත කටයුත්තක් බවත් පවසමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් රචිත "නවය, සැඟවුනු කතාව" කෘතිය එළිදැක්වීමේ උත්සවයේදී ඔහු විසින් කරන ලද කථාවෙන් උපුටා ගනිමින්, අප්‍රේල් 26 විකාශය වූ හිරු පත්තරේ විස්තරේ වැඩසටහනේදී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කොට තිබේ.

 

දකුණු ඉන්දීය සාගර කලාපයේ මිත්‍ර රටවල් අතර සංවිධානය කෙරෙන ආරක්‍ෂක සම්මේලනයක් වන කොළඹ ආරක්‍ෂක සමුළුවේ නියෝජ්‍ය ජාතික ආරක්‍ෂක උපදේශක රැස්වීම 2022 ජූලි මස 07 දින ඉන්දියාවේ දී පැවති බවත්, ශ්‍රී ලංකාවේ එවකට සිටි ජනාධිපතිවරයාගේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදෙස් හා අනුමැතිය යටතේ ශ්‍රි ලංකා රජය නියෝජනය කරමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හිටපු යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම ආරක්‍ෂක සමුළුව සඳහා සහභාගී වූ බවත් එම නිවේදනයෙන් අවධාරණය කර සිටී.

 

මේ අනුව, ඉහත කරන ලද ප්‍රකාශය පදනම් විරහිත බවත්, වත්මන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හිටපු යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කොළඹ ආරක්‍ෂක සමුළුවට සහභාගී වීම සඳහා 2022 ජූලි මාසයේදී ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටෙයේ ශ්‍රී ලංකාවේ එවකට සිටි ජනාධිපතිගේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ බවත්, ආරක්‍ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කර සිටී.
 

views

223 Views

Comments

arrow-up