රජයේ රෝහල් වල තවත් ඖෂධ රැසක හිඟයක්

මේ වනවිට රජයේ රෝහල් වල භාවිත කරනු ලබන ඖෂධ වර්ගවලින් වර්ග 112 ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටී.
අද (27) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් ඔහු කියා සිටියේ, මේ වනවිට ලංකාවේ රෝහල්වල ඖෂධ වර්ග 1,347 ක් භාවිත කරන අතර, එයින් වර්ග 150 ක හිඟතාවයක් පැවති බවයි.
එයින් වර්ග 38 ක් ගෙන්වීමට පසුගිය කාලයේ හැකිව ඇති අතර තවත් වර්ග 112 ක අඩුවක් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී.
277 Views
Comments